රට දරුණු තත්ත්වයක - රනිල් කියයි
Tuesday, 28 December 2021 - 16:37 | Views - 560

ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්ත්වයකට පත්ව තිබෙන බව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.
විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බවත්, රැකියා නැතිවන බවත්, මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බවත්, ගොවීන් අතරමං වී ඇති බවත්, මේවාට විසඳුම් අවශ්‍ය බවත් ඔහු මෙහිදී පෙන්වා දෙනවා.
කොවිඩ් වසංගතය පැවතිය ද, 2020/ 2021 වර්ෂයේ රටවල් ගණනාවක් ආර්ථික ප්‍රගතියක් පෙන්වා තිබෙන බවයි ඔහු පැවසුවේ.
මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ ඊට පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම බවයි රනිල් වික්‍රමසිංහ පැවසුවේ.
නමුත් මේ වන විට ඒ දෙකම සිදු වී නොමැති අතර, මේ වන විට රටේ ජනතාව දැඩි කෝපයෙන් පසුවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.
මීට අමතරව රට තුළ ඇතිවීමට නියමිත ආහාර හිඟය අප මුහුණ පා සිටින තවත් ප්‍රශ්නයක් බව ද අවධාරණය කළ ඔහු පෙන්වා දුන්නේ, ලැබී තිබෙන ආරංචි මාර්ගවලට අනුව සිංහල අලුත් අවුරුදු කාලය වන විට රට තුළ ආහාර හිඟයක් ඇති වන බවයි.
බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන පරිදි මේ කන්නයේ අස්වැන්න ගිය කන්නයේ අස්වැන්න හා සසඳන විට 60 % ප්‍රමාණයක් බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් අපට මුහුණ දීමට සිදුවන දේශපාලන පසුබිම ගැන ද සිතිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.
මේ තත්ත්වය මත කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇතිවන බවත්, ඒ පිපිරිම ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බවත් ඒ මහතා කියා සිටියා.
ආණ්ඩුව ඉන්දියාව සමඟ මේ වන විට තෙල් සහ ආහාර ණයට ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන සාකච්ජා වහාම අවසන් කළ යුතු බවයි හෙතෙම අවධාරණය කළේ.
ණය ලබා ගැනීමෙන් හෝ භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය තත්වය නොවිසඳෙන අතර, නමුත් තාවකාලික හෝ සහනයක් ලබා ගැනීමට නම් ණයට තෙල් සහ ආහාර ලබා ගන්නා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තමන් ආණ්ඩුවට යෝජනා කරන බව ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
Share This Article