ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළට
Tuesday, 28 December 2021 - 14:53 | Views - 1,697
ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයෙන් ගෝලීය ඉල්ලුම කෙරෙහි ඇති වන බලපෑම සීමිත බවට බලාපොරොත්තු පළ වීමත් සමඟ ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළ යාමක් අද (28)දින දක්නට ලැබුණා.
ඒ අනුව, මසකින් ඉහළම අගය සලකුණු කරමින් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 78යි ශත 67 දක්වා ඉහළ ගියා.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි.තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 75යි ශත 75ක් ලෙසයි.
ඉල්ලුම ප්රකෘතිවීම මෙන්ම ඔපෙක් සන්ධානය විසින් සැපයුම කපා හැරීම හේතුවෙන් මේ වසරේ ලෝක වෙළදපොළේ තෙල් මිල සියයට 50කින් පමණ වර්ධනය වී තිබෙනවා.
Share This Article