සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම 2022 මෙරටට
Tuesday, 28 December 2021 - 13:39 | Views - 616
තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම 2022 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයට අනුව සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි 10වැනිදා දිවයිනට පැමිණෙනු ඇති.
දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තරග කෝවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව බුබුළකට යටත්ව මහනුවර පල්ලෙකැලේ ක්රීඩාංගනේදී පැවැත්වෙනවා.
මේ අනුව, පළමු තරගය ජනවාරි 16වැනිදා පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ ජනවාරි 18වැනිදායි.
දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය ජනවාරි 21 වැනිදා පැවැත්වෙනු ඇති.
මේ සියලු තරග පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරග ලෙසටයි.
Share This Article