එන්නත් කාඩ්පත වලංගු වන්නේ බූස්ටර් එන්නත ලබාගෙන ඇත්නම් පමණයි - ප්‍රංශ රජය
Tuesday, 28 December 2021 - 11:38 | Views - 980

ප්‍රංශයේ දෛනික 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂය පසු කර ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසනවා. ගතවුණු පැය 24 ඇතුළත ප්‍රංශයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 104,611 කි.'කොවිඩ් 19' වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රංශයෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. 'කොවිඩ් 19' වසංගත තත්ත්වයට කෙසේ මුහුණදීම කළ යුතුදැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ වීඩියෝ හමුවක් පවත්වා තිබෙනවා. රජයේ නිලධාරීන් මෙන්ම ප්‍රංශ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු ද ඊට සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම ප්‍රංශයේ මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය ද වේගයෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇති බවටද සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීම් කර තිබෙනවා. මේ වනවිටත් ප්‍රංශ සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ අනුව, පළමු සහ දෙවැනි එන්නත් ලබා ගෙන මාස 3 ක් සම්පූර්ණ කළ සැමට බූස්ටර් එන්නත ලබා දීමද ආරම්භ කර තිබෙනවා. අවන්හල් සහ සිනමාහල් ඇතුළු පොදු ස්ථානවලට ප්රවේශවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ප්‍රංශ රජය පියවර ගෙන තිබුනද ? තවත් නව නීති රැසක් ප්‍රංශ රජය හඳුන්වා දෙමින් තිබෙනවා. එම නීති අතරට එන්නත් කාඩ්පත වලංගු වන්නේ බූස්ටර් එන්නත ද ලබා ගෙන තිබෙනවා නම් පමණක් ලෙස බවද දක්වා තිබෙනවා. (ඒ.එෆ්.පී.)
උපුටා ගැනීම - ලංකාදීප
Share This Article