එන්නත් කාඩ්පත වලංගු වන්නේ බූස්ටර් එන්නත ලබාගෙන ඇත්නම් පමණයි - ප්‍රංශ රජය
Tuesday, 28 December 2021 - 11:38 | Views - 981
ප්‍රංශයේ දෛනික 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂය පසු කර ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසනවා. ගතවුණු පැය 24 ඇතුළත ප්‍රංශයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 104,611 කි.

'කොවිඩ් 19' වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රංශයෙන් වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. 'කොවිඩ් 19' වසංගත තත්ත්වයට කෙසේ මුහුණදීම කළ යුතුදැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ වීඩියෝ හමුවක් පවත්වා තිබෙනවා. රජයේ නිලධාරීන් මෙන්ම ප්‍රංශ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු ද ඊට සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ප්‍රංශයේ මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය ද වේගයෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇති බවටද සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීම් කර තිබෙනවා. මේ වනවිටත් ප්‍රංශ සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ අනුව, පළමු සහ දෙවැනි එන්නත් ලබා ගෙන මාස 3 ක් සම්පූර්ණ කළ සැමට බූස්ටර් එන්නත ලබා දීමද ආරම්භ කර තිබෙනවා.

අවන්හල් සහ සිනමාහල් ඇතුළු පොදු ස්ථානවලට ප්‍රවේශවීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ප්‍රංශ රජය පියවර ගෙන තිබුනද ? තවත් නව නීති රැසක් ප්‍රංශ රජය හඳුන්වා දෙමින් තිබෙනවා. එම නීති අතරට එන්නත් කාඩ්පත වලංගු වන්නේ බූස්ටර් එන්නත ද ලබා ගෙන තිබෙනවා නම් පමණක් ලෙස බවද දක්වා තිබෙනවා.

(ඒ.එෆ්.පී.)
උපුටා ගැනීම - ලංකාදීප


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top