බූස්ටර් එන්නත් මිශ්‍ර නො කිරීමට ඉන්දියාව තීරණය කරයි
Tuesday, 28 December 2021 - 9:18 | Views - 530
ඉන්දියානුවන්ට කොරෝනා එන්නත් තුන් වැනි මාත්‍රාව හෙවත් වර්ධක මාත්‍රාව ලබාදීම ලබන ජනවාරි 10 වැනි දා ආරම්භ වන අතර, එහි දී එන්නත් මිශ්‍ර නො කිරීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොවිෂීල්ඩ් හෝ කොවැක්සින් එන්නත් පළමු සහ දෙවන මාත්‍රා ලෙස ලබා ගත් පුද්ගලයන්ට වර්ධක එන්නත ලෙස ලබාදීමට නියමිත ව ඇත්තේ, තවත් එම එන්නත් මාත්‍රාවක් බව සඳහන්.

එමෙන්ම, මෙලෙස ඉන්දියාවේ බූස්ටර් එන්නත ලබාදෙන්නේ, දෙවන මාත්‍රාව ලබා දී මාස 9ත් 12ත් අතර කාලවිරාමයක් ගත වීමෙන් අනතුරුව යි.

ඉන්දියාවේ වර්ධක එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කෙරෙන්නේ වයස අවුරුදු 60 ඉක්ම වූ සෞඛ්‍ය සහ ඉදිරි පෙළ සේවකයින් සඳහා එම එන්නත් ලබාදීමෙන්.

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ ලබා දී ඇති එන්නත් මාත්‍රාවලින් 90%ක් ම ඔක්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත්.

ඒ අනුව ඔවුන්ට තුන් වැනි හෙවත් වර්ධක මාත්‍රාව ලෙස ද කොවිෂීල්ඩ් එන්නත් ලබාදෙනු ඇති.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top