හෙට සිට ඉහළ යන බස් ගාස්තු
Tuesday, 28 December 2021 - 7:55 | Views - 2,159
ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ බස් ගාස්තු සංශෝධනය වන ආකාරය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.

එහි දී බොහෝ දුරට අවම බස් ගාස්තුව රුපියල් 2කින් ඉහළ යනු ඇති.

ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යංශය සහ බස් සංගම් එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වනවා.

ඒ අනුව රුපියල් 14ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 16ක් දක්වා ඉහළ යනු ඇතැ යි අපේක්ෂිත යි.

එසේම අනෙකුත් ගාස්තු 15%කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නංවන ලෙස බස් සංගම් සිකුරා දා දිනයේ භාරදුන් යෝජනාවලිය මඟ්නි ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් 7.5%ත් 10%ත් අතර අගයකින් අනෙකුත් ගාස්තු ඉහළ නැංවිය යුතු බවට යි මේ වනවිට එකඟතාවකට පැමිණ ඇත්තේ.

මේ අතර, බස් රථ සඳහා පෙර ගෙවුම් කාඩ්පත් හඳුන්වා දීම හෙට සිට සිදු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව එහි නියමු ව්‍යාපෘතිය දෙහිවල සිට බත්තරමුල්ල දක්වා ධාවනය වන බස් රථයක් යොදාගෙන සිදු කිරීමට යි තීරණය කර ඇත්තේ.

එහි දී අදාළ බස් රථවල ආසන ගණනට පමණක් මඟීන් රැගෙන යන අතර පිටුපස දොරටුව වසා තැබෙනවා.

බස් රථයට ඇතුළු වීමට සහ පිට වීමට ඉදිරිපස දොරටුව පමණක් භාවිත කෙරෙන අතර, එම දොරටුව අසල පෙර ගෙවුම් කාඩ්පත්වලින් ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය යන්ත්‍ර සවි කර ඇති බව ද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top