කිඹුලාපිටිය වෙල් යායකට ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි (Video)
Monday, 27 December 2021 - 15:02 | Views - 1,031
තවත් තොරතුරු;

මීගමුව - කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල් යායකට හදිසි ගොඩබෑමක් සිදු කළ ගුවන් යානය සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් ධාවන පථයෙන් නික්මී, කොග්ගල දක්වා පියාසර කළ පෞද්ගලික වාණිජ ගුවන් යානයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ පවසනවා.

මෙම හදිසි ගොඩබෑම හේතුවෙන් ගුවන් යානාවේ සිටි පුද්ගලයින් සිව්දෙනෙකු සුළු තුවාල සහ කම්පනය හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් කටුනායක ගුවන් හමුදා කඳවුරට අදාළ සිද්ධිය පිලිබඳ ව වාර්තා වූ සැණින් ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ ගිනි නිවීමේ භටයින් ාඅදාළ ස්ථානයට වහාම යොමු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

අදාළ ගුවන් යානය පසුගිය 22 වැනිදා කළුතර - පයාගල වෙරළ තීරයට හදිසි ගොඩබෑමක් සිදු කළ "සකුරායි ගුවන් සමාගමට ම අයත් "සෙස්නා 172" (SESNA -172) වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක්.

මෙම යානාවේ එන්ජිමේ හටගත් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top