තවත් තොරතුරු;
මීගමුව - කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල් යායකට හදිසි ගොඩබෑමක් සිදු කළ ගුවන් යානය සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් ධාවන පථයෙන් නික්මී, කොග්ගල දක්වා පියාසර කළ පෞද්ගලික වාණිජ ගුවන් යානයක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ පවසනවා.
මෙම හදිසි ගොඩබෑම හේතුවෙන් ගුවන් යානාවේ සිටි පුද්ගලයින් සිව්දෙනෙකු සුළු තුවාල සහ කම්පනය හේතුවෙන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් කටුනායක ගුවන් හමුදා කඳවුරට අදාළ සිද්ධිය පිලිබඳ ව වාර්තා වූ සැණින් ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ ගිනි නිවීමේ භටයින් ාඅදාළ ස්ථානයට වහාම යොමු කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
අදාළ ගුවන් යානය පසුගිය 22 වැනිදා කළුතර - පයාගල වෙරළ තීරයට හදිසි ගොඩබෑමක් සිදු කළ "සකුරායි ගුවන් සමාගමට ම අයත් "සෙස්නා 172" (SESNA -172) වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක්.
මෙම යානාවේ එන්ජිමේ හටගත් යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබෑම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.