අවශ්‍ය වුවහොත් හතරවෙනි මාත්‍රාවක් දෙනවා - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් (Video)
Monday, 27 December 2021 - 11:31 | Views - 999

උත්සව සමයෙන් පසු ජනතාව කටයුතු කල ආකාරය හා එන්නත් ලබා ගැනීම සම්බන්ධව මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් පුහුණු හා පර්යේෂණ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙසේ අදහස් දක්වා සිටියා.
"අවශ්‍යතාවයක් වූණොත් හතරවෙනි මාත්‍රාව දෙන්න පුළුවන්. නමුත් තුන්වන මාත්‍රාව සම්පූර්ණයෙන් තවම ලබා දීල නෑ. උපදේශක කමිටුව මේ පිළිබඳව දිගටම සාකච්ඡා කිරීම හා අවධානය යොමු කිරීම සිදු කරනවා දත්ත රැස් කිරීම මත සෑහීමකට පත් වෙන්න පුළුවන් වුනොත් විද්‍යානුකූලව තහවුරු වුවාට පසු ඒ පිළිබඳව සලකා බැලීමට කටයුතු කරනවා. නමුත් මේ වන තුරු ඒ සම්බන්ධයෙන් දින වකවානු තීරණය කර නැහැ.
සමාජ දුරස්ථභාවය කඩ කරමින් කටයුතු කරන ආකාරය අප දුටුවා මෙහි ප්‍රතිඵල ලැබෙන්නේ ඉදිරියේ දී උත්සව සමය අවසන් නැහැ. අපි විශ්වාස කරනවා බහුතරයක් මෙම සෞඛ්‍ය නීතිය ආරක්ෂා කරන බව එසේ නොකරන අයගෙන් අප ඉල්ලා සිටිනවා සෞඛ්‍ය නීති නිසි ලෙස අනුගමනය කරන ලෙසට,
සෞඛ්‍ය නීති කඩ කරනවා නම් පමණයි omicron නොව වෙන ඕනෑම ප්‍රභේදයක් ඇති වීමට පුළුවන් වන්නේ. අපි පාරේ යනවිට ප්‍රභේද වෙන වෙනම පෙන්වන්නේ නෑ. ඒ නිසා කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍යය ක්‍රම හා උපදෙස් අනුගමනය කරන්න.
කෙවිටක් අරගෙන පස්සෙන් ගොස් කටයුතු කරන්න බෑ. නීති කඩ කරන අය කොටුකරලා නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නෑ. අප අවට ඉන්න අය නිති කඩ කරනවා නම් අපට පුළුවන් අයිතියක් තියෙනවා එසේ නොකිරීමට කටයුතු කරන ලෙසට පවසන්න. නීතියෙන් මෙය වළක්වලා අවසන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
සංචාරකයන් සංවිධානය කරන අය වගකීමෙන් කටයුතු කළ යුතුයි. මොකද රෝගය පැතිරුණාට පසුව මුලින්ම බිඳ වැටෙන්නේ සංචාරක කර්මාන්තය සංචාරකයින්ගෙන් බෝ වුනාද කියලා ඇඟිල්ල දික් කරලා කියන්න බැහැ. ඔවුන්ට වෙනත් වරප්‍රසාදයක් භුක්ති විඳින්න ඉඩ සැලැස්වීම නොකළ යුතුයි. සංචාරකයින් ගෙන් වන අය මෙම සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවට ඔවුන්ව දැනුවත් කළ යුතුයි. ඔවුන් ඒ පිළිබඳව වගකිව යුතුය එසේ නොවුණහොත් ඉදිරි තත්ත්වය තුළ පටු අරමුණු ලාභ ගැන සිතා කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටිනවා.
මිලියන දහතුනක් දෙවන මාත්‍රාව ලබා ගෙන තිබෙනවා. තුන්වන මාත්‍රාව ලබාගෙන තිබෙන්නේ මිලියන 3.3 ක් වගේ ප්‍රමාණයක් තුන් වන මාත්‍රාව ලබා ගතහොත් පමණයි අපට අවසානයක් දක්වා රෝගය පැතිරීම පාලනය කරන්න පුළුවන්. විවිධ මත වල නොසිට තුන් වන මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන්න. වසංගතය අවසන් කියල හිතන්න කියන්න බෑ අවසන් වන තුරු. එම නිසා එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න. "
Share This Article