විවාහයට අලුත් වූ නීතියට - හිටපු කතානායකගේ විරෝධය
Monday, 27 December 2021 - 10:49 | Views - 510
මෙරට තුළ ජීවත් වන පුරවැසියන්ගේ විවාහ වීමට ඇති නිදහසට සීමා පැනවීම හුදු හාස්‍යජනක මෙන්ම පිළිකුල්සහගත තත්ත්වයක් බව හිටපු කථානායක කරු ජයසූරිය පවසනවා.

ශ්‍රී ලංකා පුරවැසියෙකු විදේශිකයෙක් විවාහ කරගන්නේ නම් ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අවසර සහතිකයක් ලබා ගත යුතු බවට රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇතැයි කියන චක්‍රලේඛය රටේ පුරවැසියන්ගේ නිදහස සීමා කිරීම සඳහා රජය ගෙන ඇති අමනෝඥ පියවරක් බවයි හිටපු කථානායකවරයා පෙන්වා දෙන්නේ.

මෙම තීරණය මගින් රටේ ප්‍රතිරූපයට ද නිගා දෙන්නක් සිදු වන අතර, ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් කිසිදු විටක දී අතිශය පෞද්ගලික වූ නිදහසට නීති නො පනවන බව ද හෙතෙම අවධාරණය කරනවා.

රාජ්‍ය පාලනය යනු විද්‍යාත්මක දර්ශනයක් මත පිහිටා සිදු කළ යුත්තක් මිසක කුටුම්භයන්හි සාමාන්‍ය පැවැත්මට නීති පනවන ක්‍රියාකාරීත්වයක් නොවන බවත්, පුරවැසියන්ගේ විවාහ වීමට නීති පැනවීම ද නිදහසට පනවා ඇති නීති සහ සීමා කිරීම මෙරට ජනතාවට දෙයාකාරයකින් සැලකීමට ද පදනමක් දැමීමක් බවත් ඔහු සඳහන් කළා.

රටක ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවට ලබා දී ඇති මූලික අයිතිවාසිකම් ද මෙතුළින් අමු අමුවේම උල්ලංඝනය වන බව ද පෙන්වා දෙන කරු ජයසූරිය මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නෙ, මෙම අශීලාචාර සීමා කිරීම සිදු කෙරෙන්නේ හුදු ඒකාධිපති රාජ්‍ය පාලනයක් තුළ පමණක් බවයි.

විශේෂයෙන්ම විදේශීය පුරවැසියන්ට රාජ්‍ය පාලනයට සම්බන්ධ වීම සඳහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සංශෝධනය කර ගැනීමට තම බලය උපරිම අන්දමින් යොදා ගත් පාලනයන් ගෙන ඇති මෙම තීරණය කිසිසේත්ම සාදාචාර සම්පන්න නොවන බවයි හෙතෙම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අමතමින් මාධ්‍ය වෙත වැඩිදුරටත් කියා සිටියේ.

එබැවින් ශ්‍රී ලංකාව බාහිර සමාජය තුළ හාස්‍යයට පත් නොකරන ලෙසට ද හිටපු කථානායකවරයා අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top