දුම්රිය වර්ජනය ගැන අවසන් තීරණය
Monday, 27 December 2021 - 9:24 | Views - 224
දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ අද (27) පෙරවරු 10ට පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අත්හිට වූ දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය පිළිබඳව තීරණයක් ගන්නා බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ප්‍රකාශ කළා.
එම සාකච්ජාවේදී තම ගැටලු සඳහා අවශ්‍ය විසදුම් ලබා නොදුනහොත් ඒ මොහොතේ සිට අඛණ්ඩ වර්ජනය ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත්, ප්‍රවේශ පත්‍ර ලබානොදීම සහ ප්‍රවාහන කටයුතු සඳහා පාර්සල් නොගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වනවා.
මේ අතර, ඇතැම් දුම්රිය වෘත්තීය සමිති චෝදනා කළේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දේශපාලන ගනුදෙනු මත මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීර මනෝජ් කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අවශ්‍යතාව මත දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙලෙස කටයුතු කරන බවටයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන් පසුගිය 23 වනදා මගීන්ට සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටීම නිසා දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් මිලියන 05 ක පමණ පාඩුවක් සිදුව ඇති බව වාර්තා වුණා.
Share This Article