තිරුක්කෝවිල් ඝාතනයේ පොලිස් සැරයන්වරයාගේ ප්‍රකාශය අසත්‍යක් ද ?
Monday, 27 December 2021 - 8:29 | Views - 597
අම්පාර - තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී සැරයන්වරයෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය නිලධාරීන් සිව්දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු ඥාතීන් වෙත භාර දී තිබෙනවා.

මේ අතර, වෙඩි තබන ලද පොලිස් සැරයන්වරයා තවදුරටත් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ සිය මව දැකීම සඳහා නිවස වෙත යාමට නිවාඩු හිමි නොවීම නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.

කෙසේ වෙතත්, පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ පොලිස් නිලධාරියාට අවසන් වරට දින 07 ක කාලයක් නිවාඩු හිමි වී ඇති බවයි.

මීට අමතරව සෑම මසකම නිවාඩු ලබාගෙන ඇති බව ද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

එබැවින් මෙම පොලිස් සැරයන්වරයා වෙඩි තැබීමට හේතුව ලෙස දක්වන කරුණුවල සත්‍යතාවයක් පවතින්නේද යන්න පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

අම්පාර - තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළදී පසුගිය සිකුරාදා පොලිස් සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් 04 දෙනා ජීවිතක්ෂයට පත්වුණා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top