ශ්රි පාද හැටන් මාර්ගයේ ඇහැලකණුව ප්රදේශයේ පිහිටි ආපණ ශාලාවක ගැස් උදුනක් පිපිරී යාමෙන් එම ආපණ ශාලාවේ සේවය කරමින් සිටි තරුණයෙකු පිලිස්සුම් තුවාල ලබා මස්කෙලිය ප්රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
වෙළෙඳ සේවකයා ආහාර පිසිමින් සිටිය දී එකවර ම ගැස් උදුන පුපුරා ගොස් තිබෙනවා.
තුවාලකරු රත්නපුර කුරුවිට බටතොට ප්රදේශයේ පදිංචිකරුවෙක්.
කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව යි වාර්තා වෙන්නේ.