ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද ප්‍රතිචාර දක්වා සිටියා.
ඊයේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව ගමනක් යාමේ හැකියාව තම පක්ෂයට ඇති බවයි.
ඒ, කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ එම යෝජනාවට නිදහස් පක්ෂ මහලේකම්වරයාට ස්තූතිය පුදන බවයි.
කෙසේ වෙතත් නිදහස් පක්ෂය සමග සන්ධානගත වීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.