හිරුට එල්ල වූ සයිබර් ප්‍රහාරය - යථා තත්වයට (Video)
Thursday, 23 December 2021 - 10:26 | Views - 1,040

මෙරට ජනප්‍රියතම සහ අංක එකේ හොඳම ප්‍රවෘත්ති සපයන්නා වන හිරු මාධ්‍ය ජාලයේ මිලියණ 1.35 ප්‍රේක්ශක මනාපයක් ඇති හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාවට අද අළුයම සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා.
හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාවට මෙම සයිබර් ප්‍රහාරය එල්ලවූයේ අද අළුයම 2.00 පමණ.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය එල්ල වූ සැණින් එය නිරීක්ෂණය කළ හිරු ප්‍රවෘත්ති තාක්ෂණික කණ්ඩායම වහාම එම ප්‍රහාරයෙන් හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාව මුදාගැනීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබුවා.
වහ වහා ක්‍රියාත්මක වීම හේතුවෙන් පැය තුන හමාරකට ආසන්න කාලයක් තුළ දී හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාව නැවතත් යථා තත්වයට පත් කරගෙන හැකරුවන්ගෙන් ගලවා ගැනීමට අපගේ සයිබර් ආරක්ෂණ කණ්ඩායම සමත්වුණා.
අපගේ යූ ටියුබ් නාලිකාව මෙලෙස හැකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබූ කාලය තුළ ඔවුන් ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් වන වැඩසටහන් කිහිපයක් අපගේ නාලිකාව හරහා විකාශය කර තිබුණා.
මෙරට වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඇති හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාව ඔවුන් මෙලෙස සයිබර් ප්‍රහාරයක් හරහා අත්පත් කරගෙන ඔවුන්ගේ ක්‍රිප්ටෝ මුදල් ප්‍රචාරණ වැඩසටහන් මෙයට එක් කර තිබුණේ මිලියණ 1.35 ප්‍රේක්ශක මනාපයක් ඇති හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාව හරහා ලැබෙන අති මහත් ප්‍රචාරණය හේතුවෙන්.
අමෙරිකාවේ ලිියාපදිංචි සමාගමක් වන මයික්‍රෝ ස්ට්‍රැටජි (MicroStrategy) නමැති සමාගම මෙම සයිබර් ප්‍රහාරය පසුපස සිටින බවට මේ වන විට තොරතුරු සනාථ කරගෙන ඇති අතර ඔවුන් ක්‍රිප්ටෝ මුදල් ප්‍රචාරණය සඳහා මේ ආකාරයේ ජනප්‍රිය සහ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටින යූ ටියුබ් නාලිකා වරින්වර අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් කුප්‍රකට ආයතනයක්.
කෙසේ වෙතත් මේ වන විට හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාවේ සම්පූර්ණ පාලනය නැවතත් හිරු ප්‍රවෘත්ති තාක්ෂණික කණ්ඩායම සතුව ඇති අතර
අප නැවතත් ඔබට විශ්වාසදායක, නිවැරදි සහ උනණුසුම් ප්‍රවෘත්ති පළමුව ඉදිරිපත් කිරීම සඳහා සැදී පැහැදී සිටිනවා.
කෙසේ වෙතත් තවත් පැය කිහිපයක් යනතුරු මෙම නාලිකාව හරහා අපගේ ප්‍රවෘත්ති විකාශය නොවන්නේ යූ ටියුබ් මව් සමාගමේ උපදෙස් මතයි.
යූ ටියුබ් මවු සමාගමෙන් අදාල විමර්ශන කටයුතු නිමා කිරීමෙන් අනතුරුව ලබාදෙන උපදෙස් අනුව නැවතත් ඔබගේ ප්‍රවෘත්ති පිපාසාව සංසිදුවා ලන්නට හිරු ප්‍රවෘත්ති යූ ටියුබ් නාලිකාව සූදානමින්.
Share This Article