දෙසැම්බර් මාසයේ මුල් දින 20 තුළදී විදේශීය 47,120 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක අමාත්‍යංශය පවසනවා.
එමෙන්ම මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයින් 152,109 මෙරටට පැමිණ ඇති බවයි අමාත්‍යංශය සඳහන් කලේ.
ආකර්ෂනීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය සදහා ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ලබන වසරේ සිට ආරම්භ කිරීමට නියමිතයි.
සංචාරකයන් වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීමේ අරමුණින් 2022 වසර නරඹමු ශ්‍රී ලංකා වසර ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
පස් අවුරුදු ප්‍රවර්ධන ගෝලිය සංවර්ධන වැඩසටහනට අනුවයි මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රවර්ධනය මෙහිදී වැඩි වශයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර විදෙස් රටවල පැවැත්වෙන සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍ර වලට අදාළ ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන වල දී මෙම ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබෙනවා.