රට අවුලවන්නෙත් මෙහෙම තමයි - අගමැති
Thursday, 23 December 2021 - 8:03 | Views - 419
බැසිල් ඇමරිකාවට ගිය වෙලාව

රටේ දහසකුත් ප්‍රශ්න ජනතා හිස මත කඩා ඇති වෙලාවක මුදල් ඇමැති බැසිල් රටෙන් පිටත්ව පිළිබඳව විපක්ෂයේ දේශපාලඥයන් විසින් සහ තවත් බොහෝ දෙනා දැඩිව විවේචනය කරන්නට වුණා.සමාජ මාධ්ය ජාලාවලද මේ පිළිබඳව බොහෝ පුවත් පල වුණා.එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 49 දරණ ගුවන් යානයෙන් බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඉකුත් බදාදා අළුලුයම 2.55 ට පමණක් මෙලෙස දිවයිනෙන් පිටත්ව ගියා. ඩුබායි බලා ගොස් ඇති ඔවුන්ගේ ගමනාන්තය වන්නේ ඇමරිකාවයි.ඔහු සති දෙකකට ආසන්න කාලයක් ඇමරිකාවේ සිටින බවයි වාර්ථා වෙන්නේ.

අරලිය ගහ මන්දිරයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී හමුවක් අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.සුපුරුදු පරිදි අමාත්‍යය ප්‍රසන්න රණතුංග කල්වේලා ඇතුවම රැස්වීමට පැමිනියා. ''බලන්නකෝ මල්ලී කැබිනට දවසට මට නින්ද යන්නේ නෑනේ ..රටේ ප්‍රශ්න ගැන හිතලම ''ප්‍රසන්න එහෙම කිවුවේ සනත් නිශාන්ත සමගයි.එතනට ආපු බල ශක්ති අමාත්‍යය උදය ගම්මන්පිල තමාටත් එදා ට නින්ද නොයන බව කිව්වා.අමාත්‍යය රමේශ් පතිරණද එම කථාව අහගෙන හිටියා ,මිසක් ඔහුට එහෙම ප්‍රශ්නයක් ඇති බවනම් කිවේ නෑ.


සීනි බදු වංචාවට මොකක් වෙයිද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ වාර අවසානය සිදු කිරීම ද දේශපාලන පිටියේ දැඩි කතාබහට ලක්වූ කාරණයක් වුණා. පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරු අය වැය විවාද වලදී අය වැය යෝජනා පසෙකින් තබා වෙනත් වල් පල් දොඩවමින් කාලය ගතකළා.ඒ අතරතුර ආණ්ඩුව ඉතා පහසුවෙන් අයවැය සම්මත කරගනු ලැබුවා.

අය වැය විවාද අතරතුර ඇතම් මන්ත්‍රීවරු රට වෙනුවෙන් ගුටි බැට හුවමාරු කරගන්නට ද ගියා. ආණ්ඩු පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් කාන්තාවන් ට දැඩි ගරුත්වයකින පාරිලිමෙන්තුවේ දී කළ කතාව පිලිබඳ මුළු රටටම අදටත් කතාකරනවා.විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කළා .නමුත් විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තු කැන්ටිම නම් වර්ජනය කළේ නෑ.හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අමාත්‍ය මහිදානන්ද අලුත් ගමගේ අතර ගොවි ජනතාවගේ පොහොර ගැටලු සම්බධයෙන් ඉතාම සුහද කතා ඇති වුණා.ඒ අතර සියල්ලන්ගේම හෙළුව පෙන්වමින් අනුර කුමාර දිසානායක ආණ්ඩුව සඟවාගෙන සිටි යුගදනවී ගිවිසුම සභාගත කළා.ජනාධිපතිවරයා ඊට පසු දා ම පාර්ලිමේන්තුවේ වාර අවසානය ගැසට්ටුවක් මගින් රටට දැනුම් දුන්නා.

පාර්ලිමේන්තුවේ වාර අවසානයත් සමඟ පාර්ලිමේන්තුවේ කාරක සභා සියල්ලේම කටයුතු ද අවසන් වෙනවා. ජනාධිපතිවරයා විසින් එලෙස පාර්ලිමේන්තුව වාර අවසානන් කිරීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුද විවිද අදහස් ඉදිරි පත්කළා .ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කර තිබුණේ, මේ මොහොතේ පාර්ලිමෙන්තුවේ වාර අවසානය සිදු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලක් නොවන බවයි . සිනි බදු වංචාව පිළිබඳව පරික්ෂා කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා වන්නේ ද ඔහුයි.

සීනි බදු වංචාව යට ගැසීමේ උවමනාව, යුගදනවි බලාගාරය පිළිබඳව වන ගිවිසුම අනුර කුමාර දිසානායක එලියට ගැනීම,ආදී කරනා සම්බන්ධයෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන නිසා ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුවේ වාර අවසානය සිදුකල බවයි විපක්ෂය පවසන්නේ.

මෛත්රිපාල සිරිසේනගේ ආණ්ඩු ප්‍රහාරය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව ට පහර ගැසීම දිගින් දිගට සිදුකරනවා.පොහොට්ටුවේ බොහෝ මන්ත්‍රී වරු මේ පිළිබඳව දැඩි කනස්සල්ලක සිටිනවා.මේ නිසාම මේ දෙපාර්ශවයේ සමහරු තැනක් නොතැනක් නැතිව එකී නෙකාට චෝදනා කරගන්නවා.ප්‍රසන්න රණතුංග,තිස්ස කුට්ටි ආරචි,සනත් නිශාන්ත,මහින්දානන්ද අලුත්දගමගේ ,මෛත්‍රිපාල සිරිසේන ,දයාසිරි ජයසේකර ,දුමින්ද දිසානායක ,මහින්ද අමරවීර , යන අය මෙලෙස වැඩි වශයෙන් වාදයට පැටලී සිටිනවා.

තමා ජනාධිපතිව සිටියදී බලාත්මක කල ජතාවාදී වැඩසටහන් මේ ආණ්ඩුව විසින් ආපස්සට හරවන බවට දැඩි චෝදනාවක් මෛත්‍රිපාල සිරිසේන විසින් එල්ලකරනු ලැබුවා. ඔහු මෙමගින් ආණ්ඩුවට එල්ලකළ ඉලක්කගත චෝදනාව වූයේ තොරතුරු දැනගැනීමේ පනත වත්මන් රජය යටතේ අකර්මන්‍ය වී ඇති බවයි.


පී බී ගේ ඉල්ලා අස්වීම මොකද වුණේ

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දරට එරෙහිව ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු එළිපිට දැඩි විවේචන එල්ල කරන්නට පටන් ගෙන තිබෙනවා. ජනාධිපතිවරයාට චෝදනා එල්ල කරන්න බැරි නිසා ලේකම්ට බනිනවා දැයි මෙහිදී සැකයක් උපදිනවා.කිසිදු ලේකම් වරයෙකුට ඇමතිවරයෙකුගේ හෝ අනුමැතියක් නොමැතිව ස්වාදීනව වැඩ කිරීමට තරම් නිදහසක් අපේ රටේ රාජ්‍ය සේවයේ දැක ගැනීමට නැහැ.ඒ නිසා පී.බී .ජයසුන්දර ට ජනාධිපතිගේ උපදෙස් වලින් තොරව ක්‍රියා කිරීමට හැකිනම් එය මහා පුදුමයක් වෙනවා.

2010 -2015 මහින්ද රාජපක්ෂ රජය සමයේ දී ත් පී බී ඉලක්කර ප්‍රහාර එල්ල කළ විමල් විරවංශ මෙවරත් එම කටයුත්තට ඉස්සර වී සිටිනවා.නමුත් එදා පි බි , රාජකාරිය කලේ මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙසයි.''මේ පුංචි බන්ඩා කරපු දෙයක් නැහැ'' විමල් වීරවංශය ඇහැලියගොඩ පැවැති රැස්වීමකදී ප්‍රසිද් දියේම පී බී ජයසුන්දර ව විවේචනයට ලක් කළා.

තමාට එල්ලවන මේ දැඩි වීවේඡන ඉවසා ගත නොහැකි වූ පී බී ජයසුන්දර සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගෙන තිබුණා. පී බී ජයසුන්දර ඉල්ලා අස් වූ පසු එම තනතුරට පත්කළ යුත්තේ කවුරුන්ද යන්න පිලිබඳව ද ආණ්ඩුවේ පාර්ශවලින්ම නම් ගම් කියවුණා. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් , වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මේ සඳහා සුදුසු බවයි ඔවුන්ගේ යෝජනා වුණේ.

පි බි සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා අතට පත්කළේ ජනාධිපතිවරයා සිය සිංගප්පුරු සංචාරය නිමවා පැමිණි පසුවයි .කෙසේ වෙතත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම භාරගෙන නොමැති බව යි වාර්ථාවුණේ .

දෙමළ සහ මුස්ලිම් පක්ෂ වලන් ඉන්දියාවට ඒකාබද්ධ ලියවිල්ලක්

දෙමළ සහ මුස්ලිම් පක්ෂවල විශේෂ සාකච්ඡාවක් පසුගිදා කොළඹදී පැවැත්වුණා .පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පවත්වා ගැනීම .දෙමළ සහ මුස්ලිම් ජනතාව මුහුණදෙන විවිධ ගැටළු ඇතුළු, දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර ගැනීම, පිළබදව තීන්දුවක් ගැනීම, යන කාරණා මුල් කරගනිමින් මෙම සාක්චාව පවත්වා තිබෙනවා.ඒ අනුව ඔවුන් විශේෂ යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මකකර ගැනීමට ඉන්දියාවේ සහයයෝගය ඉල්ලා ඒකාබද්ධ ලියවිල්ලක් ඉදිරිපත් කිරීම්ටයි ඔවුන් තීරණය කර තිබෙන්නේ.

දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන්, ශ්‍රී ලංකා ප්‍රගතිශ්‍රීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන් ,දෙමළ ජාතික මහජන සංසදයේ නායක සී වී විග්නේශ්වරන් ,ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් යන අය මෙහි මුලසුන්ගෙන තිබෙනවා .

කරු කරලියට

අපවත් වීපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන් ගේ නායකත්වයෙන් ඇරඹී සාධාරණ සමාජයක් උදෙසා වන ජාතික ව්‍යාපාරයට වර්ථමානයේ නායකත්වය දෙන්නේ හිටපු කතා නායක කරූ ජයසූරිය මහතායි .ඊට අමතරව ඔහු තවත් සිවිල් සංවිධාන කිහිපයක වැඩ කටයුතුවලට පසුගිය දිනවල සම්බන්ධ වුණා. ප්‍රජාතන්ත්‍ර වාදී සමාජයක සංහිඳියාව උදෙසා නව ආණ්ඩුක්‍රම විවස්තාවක් සකස්කර ගැනීම සම්බන්ධයෙන් පැවැති උත්සවයකට කරු ජයසූරිය සහභාගි වුණා .එහිදී ඔහු කළ කථාව පිළිබඳව බොහෝදෙනාගේ අවධානය දිනාගත්තා. කොළඹදී පැවති මෙම උත්සවයට භික්ෂූන් වහන්සේලා, කතෝලික ක්‍ර්සතියානි පූජක උතුමන්ලා හා මුස්ලිම් මවුලවි තුමන්ලා ආතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

පසුගිය දිනක කරුගේ නිවෙසට අමුත්තෙකු ද පැමිණියා. ශ්‍රී ලංකාවේ ජපාන නව තානාපතිවරයා මෙසේ කරුව බලන්නට කරූගේ නිවසට පැමිණියා. දෙදෙනා බොහෝ වෙලාවක් සාකච්ඡාවක නිරතවී තිබෙනවා.ජපාන ශ්‍රී ලංකා මිතුදම් සහ මෙරට වත්මන් දේශපාලන තත්වය පිළිබඳව ඔවුන් මෙහිදී සාකච්ඡකර තිබෙනවා.

පරිප්පු නැත්තං කවුපි හරි කන්න පුළුවන්

සති කිහිපයකට පමණ පසු ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීමක් ඉකුත් සතියේ පැවැත්වුණා. පස්වරු පහට 5 ට පටන් ගත් කැබිනට් රැස්වීම රාත්‍රී 9:30 පසුවනතුරුත් පැවැත්වුණා. ඩොලර් අර්බුදය ඇතුළුව බොහෝ ජනතාව මුහුණ දෙන බොහෝ ගැටළු සම්බන්ධයෙන් මෙහිදී මැති ඇමැතිවරු කරුණු පවසා තිබෙනවා.

''අපිට ඩොලර් හොයාගන්න බැරි උනොත් ජනතාවට පරිප්පුවත් කන්න බැරි වෙනවා''. බන්දුල ගුණවර්ධන කිව්වා. ''පරිප්පු නැත්තං කවුපි හරි කන්න පුළුවන් හැබැයි ඩොලර් නැති උනොත් තෙලුත් නැති වෙනවා තෙල් නැති වුනොත් ඔය හැම දෙයක්ම නැති වෙන්න පුළුවන්'' ඒහෙම කිව්වේ බලශක්ති අමාත්‍ය ගම්මන්පිලයි.
''ලබන මාසේට තෙල් ගේන්න සංස්ථාවටඩොලර් නෑ. නැහැ ඩොලර් මිලියන 420 ක් අපිට ඕනෙ'' රැපියයල් 420 ක් නම් හොයා ගන්න පුළුවන්. නමුත් කොහොමද ඩොලර් හොයන්නේ'' ගම්මන්පිල නැවතත් කිව්වා.

මේ කතාව අසාගෙන සිටි වාසුදේව කිව්වේ ''දැන් අපිට කරන්නට තිබෙන්නේ කූපන් ක්‍රමයකට ක්‍රමයකට තෙල් දෙන එකයි''.නමුත නමුත් එම යෝජනාවට පක්ෂව කිසිවෙකුත් කතාකලේ නෑ.මහින්ද අමරවීර ,නිමල් සිරිපාල ද සිල්වා, ඇතුළු කිහිපදෙනෙක්ම පැවසුවේ, ''දැන් අපිට කරන්න තියෙන්නේ IMF එකෙන් ණයක් ලබා ගැනීමයි'' .බොහෝ වේලාවක් මේ කතාබහ අසාගෙන සිටි මුදල් ඇමතී බැසිල් රාජපක්ෂ මෙහිදී කතා කළා. ''ඩොලර් නැතිකම අපිට ප්‍රශනයක් තමයි, එහෙමයි කියලා අපිට විවිධ කොන්දේසි වලට යටත් වෙලා IMF ණය ගන්නත් බෑ.. නමුත් අපි ඒ පිළිබඳව අවධානයක් යොමු කරනවා. ඉක්මනින් විසඳුම්ක් හැටියට අපිට මිත්‍රර චීනය, ජපානය, රුසියාව, ඉන්දියාව වැනි රටවල් වලින් මේ සඳහා සහයෝගයක් ලබාගමු'' .

කතානායකගේ භෝජන සංග්‍රහය වර්ජනය කළ මන්ත්‍රීවරු

අය වැය විවාදය අවසන් වූ පසුව කතානායකවරයා විසින් සියළු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දෙන සම්ප්‍රදායික භෝජන සංග්‍රහය මෙවර ද පැවැත්වුණා.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සියළු දෙනාම පාහේ ඊට සහභාගී වුවත් සමාගි ජන බලවේගයේ මන්ත්‍රී වරු ඊට නොයන්න තීරණය කළා. ''විපක්ෂයේ මන්ත්‍රී වරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි කථානායකගේ භෝජන මොකටද'' විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විපක්ෂ නායක සජිත් ට යෝජනා කිව්වා.ඒ අනුව සජිත්යෝජනා කළේ කථානායකගේ භෝජන සංග්‍රහයට නොයා ඉමු යන්නයි.

නමුත් සජිත් ඒ වෙනුවට වෙනුවට සිය මන්ත්‍රී වරුන් වෙත රාත්‍රී භෝජනසංග්‍රහයක් ලබාදුන්නා . සමමගි ජන බලවේගය සියලු දෙනා පාහේ ඊට සහභාගි වුණා. මීට අමතරව තවත් හිතවතුන් කිහිප කිහිප දෙනෙකු ද ඊට එක්ව සිටියා. නායක සජිත් ප්‍රේමදාස මෙසයෙන් මේසය ට ගොස් මන්ත්‍රීවරුන් සමඟ කතාබස් කරන්නට වුණා.

''අද පාරිලිමෙන්තුවේ ඉන්නේ රිවස් කථානායක වරයෙක්.ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා මොකක් හරි කිවුවාම කථානායක වරයා ඔහුගේ කථාව රිවස් කරගන්නවා.රිවස් ආණ්ඩුවේ රිවස් කථානායක'' ගයන්ත කරුණාතිලකගේ එම කථාව සියළු දෙනා අනුමතකලා. ''මහලේකම්තුමා කොහොමද අර වැඩේ ''සජිත් ඇහුවේ රංජිත් මද්දුම බණ්ඩාරගෙන්.''හොදයි ,හොදයි .තව හමුවෙන්න අයත් ඉන්නවා''. රංජිත් උත්තර දුන්නා .බොහොම හොඳයි හැබැයි ඔකේ රිසාල්ට් එක අවසන්වෙනකම් අපිට වත් කියන්න එපා. සජිත් කිව්වේ රාජිත දෙස බලමිනුයි.ආණ්ඩුවේ කළකිරුණු මන්ත්‍රීවරුන්ට කථාකරන එක මහලේකම්තුමා කරන්න. රාජිත ඇමතිතුමා ආණ්ඩුවට සම්බන්ධ සිවිල් සංවිධානත් එක්ක කතා කරන්න.

රට අවුලවන්නෙත් මෙහෙම තමයි -අගමැති

පොල්හේන්ගොඩ ඉදි කරණලද මහල් නිවාස ව්‍යාප්තියක් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘතකෙරුණා. කොළොම්තොට සරසවි උයන ලෙස නම් කර ඇති මෙම නිවාස සංකීරණයේ විවෘත කිරීමට සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව එක් වුණා. ප්‍රකට ජන සංගීතඥයකු වන ලයනල් රන්වල සුරීන්ගේ අපූරු ගීත රංගන කිහිපයකින් උත්සවය වර්ණවත්වුණා.ඉන් එක ගීත නිර්මාණයක් පිළිබඳව මෙහිදී බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා..අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ඉතා ඕනෑකමින්එම ගීත නිර්මාණය රස විදිමින් සිටියා. ''ගම අවුලඤ්ඤං ,ගිනිගෙඩි දෙන්නයි''එම අපූරු ගීතය රන්වල බලකායේ තරුණ, තරුණියන් ඉතා අලංකාරවත්ව ඉදිරි පත්කලා. ගීතය අවසන් වනතුරුම ඉතා ඕනෑකමින් ඒ දෙස බලා සිටි අගමැතිවරයා ,රට අවුලවන්නෙත් මෙහෙම තමයි කියලා ළඟ හිටපු අමාත්‍ය දිනේෂ්ට කියලා සිනාවුනා. 

ජනතාව හමුවේ බොහෝ ප්‍රශ්න ඉතිරි කරමින් තවත් අර්බුදකාරී දේශපාලන සතියක් මෙසේ නිමාව දුටුවා.

පානුක රාජපක්ෂ 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top