ඩොලර් සංචිත ගැන සහතිකයක්
Thursday, 23 December 2021 - 7:35 | Views - 603
දැනට ගනු ලබන ක්‍රියාමාර්ග තුළින් 2021 වසර අවසාන වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ කොවිඩ්-19 හමුවේ ආර්ථික බලපෑම් මත ඇති වූ බාධක සහ විදේශීය අංශයේ අහිතකර වර්ධනයන් හේතුවෙන් පැන නැඟුණු අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා ආර්ථිකය 2021 වසර පුරාවට බාහිර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කළ බවයි.

එසේම, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ගෙවීම් ඇතුළු විදේශීය ණය ආපසු ගෙවීමෙන් ශ්‍රී ලංකාව සිය ණය බැඳීම් සාර්ථකව ඉටු කළ බව ද එම නිවේදනය මගින් පෙන්වා දෙනවා.

එමගින් සඳහන් කර ඇත්තේ පවතින විදේශීය ණය තිරසාර ලෙස කලමනාකරණය කර ගත හැකි වන පරිදි ණය නොවන ප්‍රවාහයන් දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නිල සංචිත නැවත ගොඩ නැඟීම සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සඳහා වසර ආරම්භයේ සිට මහ බැංකුව සහ රජය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවයි.

2021 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම ප්‍රයත්නයන් වේගවත් කරන ලද්දේ සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වන අතර, එමඟින් කෙටි කාලීනව නිල සංචිත ගොඩ නැඟීම සඳහා අපේක්ෂිත ඉලක්ක දැක්වූ බව මහ බැංකුව ප්‍රකාශ කළා.

සය මාසික පෙර දැක්මෙහි ප්‍රකාශිත පරිදි, නුදුරේදී විදේශ විනිමය ලැබීම් ගණනාවක් අපේක්ෂා කෙරෙනවා.

මහ බැංකුවට ලැබෙන ප්‍රධාන විදේශ විනිමය ලැබීම් අතර මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 2.0ක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇතුළත් වනවා.

රජය විසින්, ද්වීපාර්ශවික මූල්‍යන පහසුකම් ලබාගැනීම්, ඒකාබද්ධ ණය පහසුකම් ලබාගැනීම් මෙන්ම බහුපාර්ශවික සංවිධාන තුළින් ණය ලබා ගැනීමේ ක්‍රියාවලියක ද යෙදී සිටිනවා.

මීට අමතරව, බලධාරීන් විසින් ඉහළ මට්ටමේ විදේශ සංචාරවලදී සාකච්ඡා කරන ලද අපේක්ෂිත විදේශ විනිමය පහසුකම් ලැබීම් ද ඉදිරියේදී සාර්ථක වනු ඇති බව මහ බැංකුව විශ්වාසය පළ කරනවා.

තවද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වා දී ඇති දිරි දීමනා ක්‍රමය සහ අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම හා පරිවර්තන කිරීමේ අවශ්‍යතා වැනි විදේශ විනිමය වෙළෙඳපොළේ පැති කිහිපයක් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කරන ලද මැදිහත්වීම් මඟින් දේශීය විදේශ විනිමය වෙළඳපොලේ ද්‍රවශීලතාව වැඩිදියුණු වනු ඇති අතර එමඟින් මහ බැංකුවට නිල සංචිත තවදුරටත් ගොඩනගා ගැනීමට හැකි වනු ඇතැයි අදාළ නිවේදනයේ සඳහන්.

විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ මෑත කාලීන වර්ධනයත් සහ සංචාරක පැමිණීම්වල ක්‍රමික වර්ධනයත් සමඟ ඉදිරි කාලය තුළ විදේශීය අංශය වඩා යහපත් තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් වර්තමානයේ දක්නට ලැබෙන පීඩනයන් යම් දුරකට සමනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම අපේක්ෂිත විදේශ විනිමය ගලාඒම් සමඟ නිල සංචිත තත්ත්වය 2022 වසර පුරා හිතකර මට්ටමක පවතිනු ඇති බවට රජය සහ මහ බැංකුව අපේක්ෂා කරනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top