අද සවස 6 සිට රාත්‍රී 9.30 දක්වා අතර කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශවලට විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
කෙසේවෙතත් මෙලෙස විදුලිය බිඳවැටෙන ප්‍රදේශ නිශ්චිත වශයෙන් සඳහන් කිරීමට අපහසු බවයි ඔවුන් දන්වන්නේ.
මෙම කාලසීමාව තුලදී රට පුරා විදුලි ඉල්ලුම ඉහළම තත්වයට පැමිණෙන බැවින් එම කාලය තුල අවශ්‍ය ධාරිතාව සපුරා ගැනීමට විදුලිබල මණ්ඩලයට හැකියාවක් නොමැති අතර නොරොච්චෝල බලාගාරයේ සිදුවූ බිඳවැටීමක් මීට හේතුවී තිබෙනවා.
ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර්. රණතුංග පැවසුවේ 3 වැනි ජනන යන්ත්‍රය කාර්මික දෝෂයකට ලක්වීමෙන් මෙම තත්ත්වය හටගත් බවයි.