තීරණාත්මක සාකච්ඡාවේ තීරණය
Wednesday, 22 December 2021 - 13:34 | Views - 927
බස් ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදය ගණනය කර ලබන බදාදා වනවිට දැනුම් දෙන ලෙස, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ පෞද්ගලික බස් සංගම් අතර පැවති සාකච්ඡාවේ දී ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් ලැබී තිබෙනවා.
පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට රජය කටයුතු කිරිමත් සමග අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඉහළ නැංවිම සිදු වන බවයි බස් සංගම් ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් චෝදනා කළේ, තෝරා ගත් බස් සංගම් කිහිපයකට පමණක් මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබූ බවයි.
Share This Article