ප්‍රදේශ කිහිපයකට වරින් වර හදිසි විදුලිය බිඳ වැටීමක්
Wednesday, 22 December 2021 - 10:11 | Views - 3,057
නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගරයේ එක් ටර්බයිනයක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වරින් වර විදුලිය බිඳවැටීම් සිදු විය හැකි බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

මීට සති දෙකකට පමණ පෙරදීත් මේ ආකාරයෙන් ම නොරොච්චෝලේ විදුලි බලාගාරයේ බිඳ වැටීමක් සිදු වූ අතර, ඒ හේතුවෙන් දිවයිනේ සමස්ත විදුලි පරිභෝජනයෙන් ආසන්න වශයෙන් 25%කට පමණ බලපෑම් එල්ල වුණා.

එම තත්ත්වය නිවැරැදි කර ගැනීමට විදුලි ඉන්ජිනේරුවන්ට දින තුනක්ට ආසන්න කාලයක් වැය වූ අතර, එම බිඳවැටීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ව්දුලි ඉන්ජිනේරුවන් සහ ජ්‍යේෂ්ඨ විදුලි ඉන්ජිනේරුවන් අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් ද උද්ගත වුණා.

මේ සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරුවන්, විදුලි බල මණ්ඩල ඉංජිනේරුවන්ට චෝදනා කරමින් කියා සිටියේ, මෙය ඇතැම්විට සිත මතා සිදු කළ කඩාකප්පල් ක්‍රියාවක් විය හැකි බව යි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත් කෙරුණු අතර, එම කමිටුවේ වාර්තා මෙතෙක් නිකුත් වී නෑ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top