විශේෂ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් 07ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක යි.
ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ ඊයේ පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාව ද එකඟතාවකින් තොර ව අවසන් වී තිබෙනවා.
වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතුවලට ඊයේ දැඩි බාධා එල්ල වූ අතර, ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් ද පත් වූයේ දැඩි අපහසුතාවකට යි.
මේ අතර, රුපියල් දස දහසක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් අධ්‍යාපන සමූපකාර සේවක සංගමය ආරම්භ කළ වර්ජනයට අද දින 39ක් ගතවනවා.
එමෙන්ම, එළඹෙන 26 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.