බස් ගාස්තු වැඩිකිරීමට අදාළ තීරණාත්මක සාකච්ඡාව අද
Wednesday, 22 December 2021 - 8:47 | Views - 474
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු වැඩිකිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ඒ, බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් අතරයි.

රජයෙන් ඉන්ධන සඳහා සහනාධාරයක් නො ලැබුණ හොත් බස් ගාස්තුව 25%කින් ඉහළ නැංවීමට සිදු වන බවයි පෞද්ගලික බස් සංගම් ඊයේ ප්‍රකාශ කළේ.

මේ අතර, තෙල් මිල වැඩි වීමට සමගාමී ව අවම බස් ගාස්තුව ද රුපියල් 20 දක්වා වැඩි කළ යුතු බව ගැමුණු විජේරත්න ඊයේ (21) ප්‍රකාශ කළා.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පළමු කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 50ක ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ දැමීමට ත්‍රී රෝද රථ වෘත්තීය සමිති තීරණය කළා.

එසේම ආනයන අපනයන බහලුම් ප්‍රවාහනය කිරීමේ දී අයකරන ගාස්තුව සියයට විස්සකින් ඉහළ දැමීමට යි සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබුණේ.   

එසේම ලබන වසරේ ජනවාරි මස 3 වන දා සිට පාසල් ළමයින් ප්‍රවාහනය කරන ගාස්තු ද යම් ප්‍රතිශතයකින් ඉහළ දමන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කළා.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top