උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බැවින් ඒ පිළිබඳ මහජනතාව අවධානයෙන් පසුවිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ව්‍යාජ මුදල් නෝට්ටු අච්චු ගැසීමේ සිද්ධි ප්‍රදේශ රැසකින් ම පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ බවයි.