විශේෂඥ කමිටුව හඳුනාගත් ලිට්රෝ සමාගමේ ගැටලු
Wednesday, 22 December 2021 - 7:55 | Views - 344
ගෑස් ආශ්‍රිත අනතුරුවලට හේතු විශ්ලේෂණයේ දී ලිටේරෝ සමාගමේ ගැටලු රැසක් හඳුනා ගත් බව ගෑස් ආශ්‍රිත පිපිරීම් පිළිබඳ විමර්ශණයට පත් කළ ජනාධිපති කමිටුව පවසනවා.
එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ එම ගැටලු නිවැරදි කර ගැනීම සඳහා වන නිර්දේශ ලිට්රෝ සමාගම වෙත නිකුත් කර ඇති බවයි.
ගෑස් ආශ්‍රිත අනතුරුවලට මූලික හේතුව ප්‍රොපේන් සංයුතිය ඉහළ යාම හේතුවෙන් සිදු වූ ගෑස් සංයුතියේ වෙනස් වීමත්, ඒ සමඟ පීඩනය ඉහළ යාමෙන් උපාංග ආශ්‍රිත ව සිදු වූ ගැටලු සහගත තත්ත්වය බවත් අදාළ කමිටු වාර්තාවේ දක්වා තිබෙනවා.
ඒ අනුව යි අදාළ කමිටු වාර්තාව මඟින් ලිට්රෝ සමාගම, පාරිභෝගික කටයුතු අධිකාරිය, ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව, මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ කාර්මික තාක්ෂණ ආයතනය යන ආයතන සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ.
Share This Article