සෞඛ්‍ය විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම (Video)
Monday, 20 December 2021 - 16:47 | Views - 788

ශීත ඍතුව අවසන් වන විට යුරෝපය සහ අමෙරිකාවේ ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.
යුරෝපා කලාපයේ ඔමික්‍රොන් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට මේ වන විට පත්ව ඇත්තේ මහා බ්‍රිතාන්‍යයයි.
ඒ ගෙවුණු දිනයේදී පමණක් එරටින් ඔමික්‍රොන් ආසාදිතයින් දස දහස ඉක්මවා වාර්තාවීමත් සමඟයි.
ගෙවුණු දිනයේදී මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 695 දෙනෙක් වාර්තා වුණා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 579,685ක් දක්වා ඉහළ ගියා.
මේ අතර ෆයිසර් බූස්ටර් මාත්‍රාව ලබාදීම දිවයිනේ ප්‍රදේශ රැසක අදත් සිදු වනවා.
මේ අතර පවතින ශීත ඍතුව අවසන් වන විට යුරෝපා කලාපයේ සහ අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම වේගවත් වනු ඇති බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.
යුරෝපා කලාපයේ ඔමික්‍රොන් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති මහා බ්‍රිතාන්‍යයේ ගෙවුණු දිනයේදී පමණක් ඔමික්‍රොන් ආසාදිතයින් දස දහස ඉක්මවා වාර්තා වුණා.
වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හැකිතාක් කොවිඩ් මර්දන එන්නත් ලබා ගන්නා ලෙසයි එරට සෞඛ්‍ය අංශ ජනතාව වෙත දැනුම් දී ඇත්තේ.
මේ අතර කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් ලබාගැනීම මඟින් ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ඇතිවන අතුරු ආබාධවලින් 80%ක ආරක්ෂාවක් සැලසෙන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
ඔමික්‍රොන් ව්‍යාප්තිය හමුවේ කැනඩාව දකුණු අප්‍රිකානු රටවල් 10ක් වෙත පනවා තිබූ සංචරණ තහනම අද (20) සිට ඉවත්කළා.
එම රටවල් අතර දකුණු අප්‍රිකාව, මොසැම්බික්, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙස්තෝ, එස්වාටිනී, නැමීබියා, නයිජීරියා, මලාවි, ඊජිප්තුව අයත් වනවා.
කැනඩාව පවසන්නේ මේ වන විටත් එරට ඔමික්‍රොන් ප්‍රභේදයට නිරාවරණය වී තිබීම හේතුවෙන් සංචරණ තහනම් දැමීම ඵල රහිත ක්‍රියාවක් බවයි.
ගෙවුණු දිනයේදී පමණක් එරටින් නව ඔමික්‍රොන් ආසාදිතයින් 350 ඉක්මවා වාර්තා වුණා.
අසල්වැසි ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් පමණක් ඔමික්‍රොන් ආසාදිතයින් 150 ඉක්මවා වාර්තා වී තිබෙනවා.
ප්‍රාන්තයේ පාසලකින් කොවිඩ් ආසාදිත සිසුන් 18 දෙනෙක් හඳුනාගැනීමත් සමග ඔවුන් ඔමික්‍රොන් ආසාදිතයින් බවටයි සෞඛ්‍ය අංශ විසින් සැක පළ කරන්නේ.
මේ අතර රට පුරා පනවා ඇති දැඩි සංචරණ සීමාවලට එරෙහිව බෙලරුසයේ දහස් සංඛ්‍යාත ජනයා විරෝධතාවල නිරත වුණේ මෙලෙසින්.
Share This Article