විදේශ ප්‍රේෂණ වසර 12කින් පහළට
Monday, 20 December 2021 - 15:52 | Views - 571
විදේශයන් හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලැබූ ප්‍රේෂණ මේ වසරේ නොවැම්බරයේ දී ඩොලර් මිලියන 271.4ක් ලෙස වසර 12කින් අවම අගයට පත් ව තිබෙනවා.
ඊට අඩු මාසික ප්‍රේෂණ අගයක් සටහන් වූයේ ඩොලර් මිලියන 266.3ක් මෙරටට ලැබුණු 2009 වසරේ අප්‍රේල් මාසයේදියි.
2020 වසරේ නොවැම්බරයේ දී විදේශගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලැබූ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 611.7ක්.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂ ව මේ වසරේ නොවැම්බරයේ දී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ සියයට 55.6කින් පහත වැටී තිබෙනවා.
වසරේ මුල් මාස 11 සැලකූ විට මේ වසරේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 5166.3ක විදේශ ප්‍රේෂණ ලැබී ඇති අතර, පසුගිය 2020 වසරේ මුල් මාස 11 තුළ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 6292.2ක්.
ඒ අනුව වසරේ මුල් මාස 11දී විදේශ ප්‍රේෂණ පෙර වසරට සාපේක්ෂව සියයට 17.9කින් පහත වැටී තිබෙනවා.
Share This Article