සපුගස්කන්ද යළි වැසෙයි ද?
Monday, 20 December 2021 - 13:02 | Views - 5,154
ඉන්ධන මිල ඉහළ නැංවීමට ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තාවනවා.

ඉන්ධන නිෂ්පාදනයේදී සිදුවන පාඩුව හමුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා බලශක්ති අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබුණේ, ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බවටයි.

පසුව අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුකර තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ නැංවීමේදී ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය වන අතර, ඒ අනුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් පෙට්‍රල් ලීටරයකින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් 22ක පමණ පාඩුවක් සහ ඩීසල් ලීටරයකින්  රුපියල් 31 කට ආසන්න පාඩුවක් ලබන බව  සංස්ථා ආරංචි මාර්ග අනාවරණ කළා.

මේ අතර, මෙරට පවතින බොර තෙල් සංචිතය ප්‍රමාණවත් වන්නේ ලබන ජනවාරි මස 3 වනදා දක්වා පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

මීළඟ බොරතෙල් නෞකාව පැමිණීමට සැළසුම් කර ඇත්තේ ජනවාරි 23 වනදා බැවින් ඊට පෙර බොරතෙල් නෞකාවක් මෙරටට ළඟා නොවුනහොත් යළිත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 20 කට හෝ තාවකාලිකව වසා දැමීමට සිදුවනු ඇති.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top