පුරුෂයින්ට කසාද දෙකක් ? ඇත්ත නැත්ත මෙන්න
Monday, 20 December 2021 - 11:04 | Views - 11,566
එක් පිරිමියෙකුට කසාද දෙකක්, සමාජ මාධ්‍ය ජාල කලඹන ළිපිය පිළිබඳ ඇමතිගේ ප්‍රතිචාරය...

එක් පිරිමියෙකුට කසාද දෙකක් කර ගැනීමට නීත්‍යානුකූල බව ලබාදීම යන ශීර්ෂය යටතේ පනත් කෙටුම්පතක ආකෘතියක් ලෙස සකස් කෙරුණු
ළිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල කලඹමින් සැරිසරනවා.

එම පනත් ළේඛණයේ දැක්වෙන්නේ මානව ජනගහන වර්ධනය වීමේ නූතන හැඩය අනුව පුරුෂයන්ට වඩා කාන්තා ප්‍රමාණය වර්ධනය වෙමින් ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වයි.

මේ නිසා විවාහ ජීවිතයට ඇතුළත් වීමේ අයිතිය බොහෝ කාන්තාවන්ට අහිමි වේ.

මෙය එම අයිතිය තහවුරු කිරීම වස් සකස් කොට විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි යනුවෙන්.

එය අනුව මූලික කාරණා දහයක් යටතේ මෙම පනත් කෙටුම්පත හරහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

එහි පලවෙනි යෝජනාවේ දැක්වෙන්නෙ මෙම පනත තුළින් බලය පැවරෙනුයේ පුරුෂයකුට කාන්තාවන්ට දෙදෙනකු විවාහ කර ගැනීම මිස එක් කාන්තාවකට පුරුෂයෙන් දෙදෙනකු විවාහ කර ගැනීම නොවේ යන්නයි.

එමෙන්ම එහි හයවෙනි යෝජනාවේ තම සැමියාට තවත් කසාදයක් කරගැන්වීම අවශ්‍ය නම් විවාහක කාන්තාවට අයිතිය ඇත. තම සැමියාට සුදුසු වෙනත් කාන්තාවක් සොයා විවාහ කරදීම මුල් කාන්තාවට මේ අනුව බලය පැවරේ යනුවෙන්.

මේ ආකාරයේ ව්‍යාකරණ දෝෂ සහ යථාර්තවාදී නොවන සැක උපදවන යෝජනා ගණනාවක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා.

කාන්තා යටිතල පහසුකම් නැංවීම පිළිබඳ ගරු අමාත්‍යතුමා විසින් 2021 නොවැම්බර් 19 වන දින ඉදිරිපත් කරන ලද බවට හැඟවෙන ළෙස සකස් කර ඇති මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අප අදාළ අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

එහිදී අමාත්‍යවරයා ගේ මාධ්‍ය ලේකම් චානුක ගුණතිලක අප සමග පවසා සිටියේ මෙම පනත් කෙටුම්පත් ආකෘතිය සහමුලින්ම ව්‍යාජ එකක් බවයි.

ඒ ආකාරයේ කිසිදු සූදානමක් හෝ එවැනි කිසිදු පනත් කෙටුම්පතක් මේ දක්වා ඉදිරිපත් කර හෝ එලෙස ඉදිරිපත් කිරීමට කිසිදු අදහසක් නැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම ව්‍යාජ ලේඛනය සැකසූ සහ එය සමාජ මාධ්‍ය වෙත උඩුගත කළ සියලු පුද්ගලයින් සොයා ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් විෂය භාර අමාත්‍යවරයා වන පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කිරීමට සැරසෙන බවයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top