කාන්තාවන්ට නීත්‍යානුකූලව විවාහවීමට අවසර ලැබෙන වයස් සීමාව අවුරුදු 18 සිට විසි හතර දක්වා ඉහළ දැමීම සඳහා වන යෝජනාවකට ඉන්දීය රජය අනුමැතිය ලබාදී තිබෙනවා.
මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසුව 2006 දරණ ළමා විවාහ තහනම් කිරීමේ පනතට විශේෂ විවාහ පනතට සහ 1995 දරණ හින්දු විවාහ පනතට අලුතින් සංශෝධන එක්වනු ඇති.
මේ වනවිට විවාහ වීම සඳහා ඉන්දියාව තුළ පිරිමින්ගේ වයස සීමාව අවුරුදු 21 ක් වන අතර, කාන්තාවන් සඳහා එම සීමාව අවුරුදු 18 ක් ලෙස සටහන් වුණා.