ස්ටිකරය ඇල වූ ගෑස් සිලින්ඩර් අද වෙළඳපොළට
Monday, 20 December 2021 - 8:01 | Views - 1,395
අභියාචනාධිකරණය පසුගියදා ලබාදුන් නියෝගයට අනුකූලව පමණක් ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදුකරන්නැයි ලිට්රෝ සහ ලාෆ්ස් සමාගම් දෙකට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ දැනුම්දීම මත පාරිභෝගික කටයුතු අධිකාරිය උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර ගෑස් සංයුතිය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ස්ටිකරය සහිත නව ගෑස් සිලින්ඩර් අද (20) සිට වෙළදපළට නිකුත් කරන බවයි අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත් කළ, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ඊයේ (19) කියා සිටියා.

ඒ අනුව ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්වලට අනුව අදාළ ගෑස් සිලින්ඩර්වල ප්‍රොපේන් අගය සියයට 30ක් සහ බියුටේන් අගය සියයට 70ක් ලෙස පැවතිය යුතු වනවා.

එසේම ගන්ධය හඳුනා ගැනීම සඳහා එක් කරන එතිල් මර්කැප්ටන් සංයුතිය ද සියයට 14ක් ලෙස ගෑස් සිලින්ඩර්වල පැවතිය යුතු බව ද ලේකම්වරයා සඳහන් කළා.

මේ අතර දැනට කෙරවලපිටිය මුහුදේ නැංගුරම් ලා ඇති ලිට්රෝ සමාගමට අයත් නෞකා දෙකක ගෑස්වල ප්‍රමිතිය තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ ගෑස් සාම්පල ලබාගෙන තිබෙනවා.

මෙරට ගෑස් වෙළඳපොලේ සියයට 75 ක පමණ අධිකාරියක් හිමි ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් රැගත් නෞකා දෙකෙහි තොග ප්‍රමිතියෙන් තොර බවට අනාවරණ වීමත් සමඟ ඒවා ගොඩබෑමේ කටයුතු අත්හිටුවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා පියවර ගත්තා.

ඒ එම ගෑස්වල ගන්ධය වහනය කරන එතිල් මර්කැප්ටන් රසායනිකය දේශීය ප්‍රමිතියට අනුකූල ආකාරයෙන් නොතිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුලු තාක්ෂණික කමිටුව මෙම එක් නෞකාවක සිදුකළ ස්ථානීය පරීක්ෂාවකින් අනතුරුව ලබාදුන් උපදෙස් අනුව එම රසායනිකය වැඩි කිරීමට පියවර ගැනීමත් සමඟ එහි අඩංගු ගෑස් ගොඩබෑමට අවසර ලබා දී තිබුණා.

මේ අතර ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් අඩංගු තවත් නෞකා දෙකක් මේ වනවිට කෙරවලපිටිය මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති අතර, එම ගෑස් ගොඩබිම වෙත පොම්ප කිරීමට අවසර හිමිවන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුලු තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවුවහොත් පමණයි.

කෙසේ වෙතත්, දිනෙන් දින ගෑස් ආශ්‍රිත සිදුවීම් වාර්තා වන අතර, එවැනිම සිදුවීමක් සෙවනගල - මුතුමිණගම ප්‍රදේශයේ ඊයේ වාර්තා වුණා. එහිදී තුවාල ලැබූ අයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.

මේ අතර ගෑස් සිලින්ඩර ආශ්‍රිතව ගිනිගැණීම් සහ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

එමෙන්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ලිට්රෝ සමාගමේ සභාපතිවරයාද ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගනිමින් සකස් කළ වාර්තාව ද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි එම කොමිසමේ කොමසාරිස් නිමල් කරුණාසිරි සඳහන් කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top