ඔමික්‍රෝන් ආසාදිතයා ආ ගිය තැන් හෙළි වෙයි
Friday, 17 December 2021 - 16:43 | Views - 3,162
PCR වාර්තාව මඟින්,
ආසාදිතයෙකු නොවන බව හෙළිවෙලා..!
 
මෙරටින් වාර්තා වූ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් තිදෙනා සම්බන්ධයෙන් මේ දක්වා තමන් වෙත කිසිදු තොරතුරක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
 
ඔහු සඳහන් කළේ එලෙස වාර්තා වූ එක් ආසාදිතයෙකු ඉන්දියාවේ සිට පැමිණි අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

එමෙන්ම එම ආසාදිතයා මෙරට දින දෙකක් කාලය ගත කර ඇති බවත්, ඔහු සමාජ ශාලාවල සැරිසරා ඇති බවට ද නිල නොලත් තොරතුරු වාර්තා වන බවයි සඳහන් කළේය.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ,
 
”ඊයේ දිනයේදී ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. නමුත් මේ දක්වා අපිට වසංගත රෝග විද්‍යා අංශයෙන් හෝ කිසිදු රසායානාගාරයක් මගින් නිල දැනුම් දීමක් සිදුකර නැහැ. නිල නොවන තොරතුරු අනුව මේ තිදෙනාගෙන් එක් අයෙක් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙකු බවයි වාර්තා වන්නේ. ඔහු ඉකුත් 09 වෙනිදා මෙරටට පැමිණ ඇත්තේ, ඒ වාගේම ඔහු එන්නත් දෙකම ලබා ගත් අයෙක්. ඒ වගේම ඔහු දිවයිනට පැමිණීමට පැය 72කට පෙර ගත් PCR වාර්තාවක් මගින් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබෙනවා. ඒ පුද්ගලයා දින දෙකක් මෙරට සමාජ ශාලාවල සැරිසර තිබෙන බවට යම් යම් නිල නොවන තොරතුරු වාර්තා වෙනවා. මෙම පුද්ගලයා නැවත දිවයිනෙන් පිටව යන්න හදනවිටයි ඔහු කොවිඩ් ආසාදිතයෙකු කියා හඳුනා ගෙන තිබෙන්නේ. මේකත් එක්ක අපිට අවධාරණය වෙන්නේ රට තුලට පැමිණෙන විදේශිකයින් PCR පරීක්ෂණ වලට ලක්කිරීම සහ ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය වන බවයි. අපි බලාපොරොත්තු වෙනවා දැන්වත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරයි කියලා මේ ගැන.”
 

Mawrata



 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top