ලෝක රූ රැජින අවසන් මහා තරගය කොරෝනා හේතුවෙන් කල් දමයි
Friday, 17 December 2021 - 15:40 | Views - 589

කැරිබියන් දූපත් හි පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක රූ රැජන කිරුළ අවසන් මහා තරගය කොරෝනා රෝගය හේතුවෙන් කල් දැමීමට සංවිධායකයෝ තීරණය කර තිබෙන විදෙස් ආරංචි මාර්ග පවසනවා.

තරගාවලියේ අවසන් තරගයට එක්වීමට සිටි අපේක්ෂිකාවන් රැසකට කොවිඩ් වෛරසය ආසාදනය වීම ඊට හේතු වී තිබෙන බවයි ඔවුන් සඳහන් කර තිබුනේ.

ඉන්දියානු අපේක්ෂිකාවක් වන මනසා වරනාසි ඇතුළු සුරූපිනියන් 17දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට ඇය සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්වයකින් පෙලෙන බවයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ඇය කැරිබියන් දූපත් හි නිරෝධායනය ට යොමුකර ඇති බවද වැඩිදුරටත් සඳහන්. 


උපුටා ගැනීම - දිවයින 

 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top