මෙරටින් නික්ම ගිය ඔමික්‍රොන් ආසාදිතයා (Video)
Friday, 17 December 2021 - 14:20 | Views - 696

මෙරටින් ඊයේ (16)දින තහවුරු කෙරුණු ඔමික්‍රොන් වෛරසය වැලඳුණු පුද්ගලයින් තුන්දෙනා අතරින් එක් අයෙකු මේ වනවිට දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, ගුවන් තොටුපොළෙන් ලබාගත් පී.සී.ආර්. සාම්පල කිහිපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමු කිරීමෙන් පසු මෙම ඔමික්‍රොන් ආසාදිතයා හඳුනාගත් බවයි.
පසු ව ඔහු සම්බන්ධයෙන් සොයාබැලීමේ දී දිවයිනෙන් පිටත් ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඒ පිළිබඳ ව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, එළඹෙන උත්සව සමයේදී ආසාදිතයින් වැඩිවීමේ අවදානමක් පවතින බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාව ලබාදුන් බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රා සංඛ්‍යාව විසි ලක්ෂය ඉක්මවා තිබෙනවා.
ඊයේ දිනයේදීද මෙරට බූස්ටර් කොරෝනා එන්නත් හෙවත් වර්ධක මාත්‍රා 185,888 ක් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
ඒ අනුව එම තුන්වන මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 2,058,791 දක්වා ඉහළ යනවා.
මෙරට ජනගහණයෙන් 72.82% කට කොරෝනා එන්නත් පළමු මාත්‍රාව ලබා දී ඇති අතර, මාත්‍රා දෙකම ලබාදුන් ප්‍රතිශතය 63% කට ආසන්නයි.
Share This Article