වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් අතර ඊයේ වෙළෙද අමාත්‍යංශයේ දී සාකච්ඡාව පැවැත් වුණා.
එහි දී ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කරගැනීමට නො හැකි ව වරාය තුළ සිර වී තිබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 25ක් ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.
මේ අවස්තාවේ දී අමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ කරගනිමින් ඩොලර් මිලියන 25 ලබා ගැනීමට ඉල්ලීමක් කළ අතර, එය ලබා දීමටත් මහ බැංකු අධිපතිවරයා එකඟ වී තිබෙනවා.
මෙම ඩොලර් මිලියන 25 නිදහස් කිරීමේ කටයුතු අද (17) සිට ආරම්භ කිරීමට යි එහි දී එකඟ වී ඇත්තේ.
එම සාකච්ඡාවට සහභාගි වූ ආනයනකරුවන් පැවසුවේ, පොරොන්දු වූ පරිදි ඩොලර් නිදහස් කිරීම ඉක්මනින් සිදු වුව හොත් කන්ටේනර් නිදහස් කර ගැනීමේ අවස්ථාව ඇති බවයි.
ඩොලර් නො මැතිකම හේතුවෙන් කොළඹ වරාය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සහල් පරිප්පු සීනි අර්තාපල් සහ ලොකු ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් දහසකට අධික ප්‍රමාණයක් සිර වී තිබෙනවා.