බැසිල් ගිය පසු කබ්රාල් එළියට - ඩොලරුත් නිදහස් කරයි !
Friday, 17 December 2021 - 11:42 | Views - 626
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් අතර ඊයේ වෙළෙද අමාත්‍යංශයේ දී සාකච්ඡාව පැවැත් වුණා.

එහි දී ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කරගැනීමට නො හැකි ව වරාය තුළ සිර වී තිබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 25ක් ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

මේ අවස්තාවේ දී අමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ කරගනිමින් ඩොලර් මිලියන 25 ලබා ගැනීමට ඉල්ලීමක් කළ අතර, එය ලබා දීමටත් මහ බැංකු අධිපතිවරයා එකඟ වී තිබෙනවා.
 
මෙම ඩොලර් මිලියන 25 නිදහස් කිරීමේ කටයුතු අද (17) සිට ආරම්භ කිරීමට යි එහි දී එකඟ වී ඇත්තේ.

එම සාකච්ඡාවට සහභාගි වූ ආනයනකරුවන් පැවසුවේ, පොරොන්දු වූ පරිදි ඩොලර් නිදහස් කිරීම ඉක්මනින් සිදු වුව හොත් කන්ටේනර් නිදහස් කර ගැනීමේ අවස්ථාව ඇති බවයි.

ඩොලර් නො මැතිකම හේතුවෙන් කොළඹ වරාය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සහල් පරිප්පු සීනි අර්තාපල් සහ ලොකු ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් දහසකට අධික ප්‍රමාණයක් සිර වී තිබෙනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top