ඇමරිකා එක්සත් ජනපදය තුළ ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වන අතර, ශීත ඍතුවේදී එන්නත්කරණය නොලැබූ පුද්ගලයන් රෝගී තත්වයට පත්වීම සහ මියයාම ඉහළ යා හැකි බවට, ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.
මේ නිසා බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාව හැකි ඉක්මණින් ලබාගන්නා ලෙසයි, ඔහු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ.
එක්සත් ජනපදයේ ප්‍රාන්ත 36 කට මේ වනවිට ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තවී ඇති බවයි, සී.ඩී.සී. හෙවත් ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානය සඳහන් කළේ.
ඔමික්‍රොන් මේ වනවිට ගෝලීය මහජන සෞඛ්‍යයට බලපා ඇති විශාලතම තර්ජනය බව ලන්ඩනයේ පැවැත්වෙන ජී - හත සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී ද අවධාරණය කෙරුණා.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රෝග විනිශ්චය, ජාන පරීක්ෂා, එන්නත් සහ ප්‍රතිකාර සම්බන්ධයෙන් ඊයේ(16)දින සමුළුවේ අවසන් දිනයේදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.