ඔමික්‍රොන් ඇමරිකාවේත් වේගයෙන් පැතිරෙයි
Friday, 17 December 2021 - 9:31 | Views - 2,782
ඇමරිකා එක්සත් ජනපදය තුළ ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වන අතර, ශීත ඍතුවේදී එන්නත්කරණය නොලැබූ පුද්ගලයන් රෝගී තත්වයට පත්වීම සහ මියයාම ඉහළ යා හැකි බවට, ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

මේ නිසා බූස්ටර් හෙවත් වර්ධක එන්නත් මාත්‍රාව හැකි ඉක්මණින් ලබාගන්නා ලෙසයි, ඔහු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ.

එක්සත් ජනපදයේ ප්‍රාන්ත 36 කට මේ වනවිට ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තවී ඇති බවයි, සී.ඩී.සී. හෙවත් ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඔමික්‍රොන් මේ වනවිට ගෝලීය මහජන සෞඛ්‍යයට බලපා ඇති විශාලතම තර්ජනය බව ලන්ඩනයේ පැවැත්වෙන ජී - හත සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේදී ද අවධාරණය කෙරුණා.

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රෝග විනිශ්චය, ජාන පරීක්ෂා, එන්නත් සහ ප්‍රතිකාර සම්බන්ධයෙන් ඊයේ(16)දින සමුළුවේ අවසන් දිනයේදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top