එළවළු මිල ඉහළට
Friday, 17 December 2021 - 8:17 | Views - 901
කොළඹින් පිට ආර්ථික මධ්‍යස්ථානවල මාළු මිරිස් සහ අමු මිරිස් හැර අනෙකුත් එළවළු වර්ගවල තරමක මිල අඩුවීමක් දක්නට ලැබෙනවා.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ(16)දින මාළු මිරිස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 800 ක් වූ අතර, තොග මිල රුපියල් 750 ක්.
අමු මිරිස් රුපියල් 900කට ද අලෙවි වුණා.
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල රුපියල් 650ක් වූ අතර, අමු මිරිස් මිල රුපියල් දහසට ආසන්න වී තිබීම විශේෂත්වයක්.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් රුපියල් 550 කට අලෙවි වී තිබූ අතර, අමු මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 800ට ආසන්න වී තිබුණා.
Share This Article