පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
කෙසේ වෙතත්, අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡාවට ගෙන නැහැ.
2017 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින්ගේ ධූර කාලය ලබන පෙබරවාරි මාසයේදී අවසන් වීමට නියමිතව තිබෙනවා.
වසරක කාලයකින් පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව මගින් මැතිවරණය කල් දැමීමට හේතු ද දක්වා ඇති බවයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උසස් නිලධාරියා සදහන් කළේ.