නිවසක් නැති යුගය නිමා කරනවා - අගමැති
Thursday, 16 December 2021 - 13:09 | Views - 3,265
නිවසක් නැතිව උපන් බිමෙහි බෝඩිම්කාරයන් වන යුගය ඉදිරි වසර කිහිපය තුළ නිමා කළ යුතුව ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් අටසීයයකට නේවාසික පහසුකම් සැළසීම සහ කැළණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේදී ඉවත් කළ ජනාතාව ඇතුළු අඩු ආදායම්ලාභි ජනතාව වෙනුවෙන් ඉදිකළ නිවාස 528කින් සමන්විත කොළොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ(15) පස්වරුවේ එක්වෙමිනුයි, අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
මේ අතර වසර 35කට අධික කාලයක් වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ නියැලෙමින් කම්කරු සේවය වෙනුවෙන් තම කාලය කැප කළ කම්කරු නායකයින් හා රාජ්‍ය සේවකයින් ඇගයීමේ අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරයා ඊයේ(15)දින එක්වුණා.
අරලියගහ මන්දිරයේ පැවති ශ්‍රමයට අභිමන් - ජනතා බුහුමන් 2021 ඇගයීම් උළෙලේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, සැබෑ කම්කරු නායකයින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සටන් නොකරන බවයි.
Share This Article