මතින් තොර රටක් නිර්මාණය කරන්න - ආරක්ෂක ලේකම්
Thursday, 16 December 2021 - 11:52 | Views - 412

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් තොර රටක් නිර්මාණය කිරීමට සෑම උත්සාහයක්ම දරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පවසනවා.
බත්තරමුල්ල - තලංගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීමේ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙසින් පෙරේදා (14) දිනයේ විවෘත වූ ''සෙත් සෙවණ'' ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ.
මෙම නව පුනරුත්ථාපන මධ්‍යස්ථානය මගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීම සහ එහි ඵලදායිතාව වර්ධනය කිරීම ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය විසින් මෙම මධ්‍යස්ථානය පාලනය වන අතර, මෙම නව ඒකකය මගින් 75 දෙනෙකුට ප්‍රතිකාර කිරීමේ පහසුකම් සලසා දී තිබෙනවා.
මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ ශ්‍රම දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියා.
Share This Article