මතින් තොර රටක් නිර්මාණය කරන්න - ආරක්ෂක ලේකම්
Thursday, 16 December 2021 - 11:52 | Views - 413
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් තො‍ර රටක් නිර්මාණය කිරීමට සෑම උත්සාහයක්ම දරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පවසනවා.

බත්තරමුල්ල - තලංගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීමේ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙසින් පෙරේදා (14) දිනයේ විවෘත වූ ''සෙත් සෙවණ'' ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ.

මෙම නව පුනරුත්ථාපන මධ්‍යස්ථානය මගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කිරීම සහ එහි ඵලදායිතාව වර්ධනය කිරීම ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය විසින් මෙම මධ්‍යස්ථානය පාලනය වන අතර, මෙම නව ඒකකය මගින් 75 දෙනෙකුට ප්‍රතිකාර කිරීමේ පහසුකම් සලසා දී තිබෙනවා.

මෙම නව වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ ශ්‍රම දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top