ප්‍රවාහන ඇමති සහ වෘත්තීය සමිති සාකච්ඡා සාර්ථකයි
Thursday, 16 December 2021 - 9:07 | Views - 549
දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ඊයේ (15) පස්වරුවේ ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සමඟ පැවති සාකච්ජාව සාධනීය ලෙස අවසන් වූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ ප්‍රකාශ කළා.

මේ අතර දුම්රිය සාමාන්‍යාධිකාරි දම්මික ජයසුන්දර කියා සිටියේ අද (16) දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බවයි.

උසස් වීම් සහ සේවා ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඊයේ මධ්‍යහ්න 12 සිට හදිසි වර්ජනයක් ආරම්භ කළ අතර, එය පැය හතරහමාරකට පසු පස්වරු 4.30 ට පමණ අවසන් කෙරුණා.

ඒ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ සාකච්ජාවක් පැවැත්වීමෙන් අනතුරුවයි.

කෙසේ වෙතත්, මෙම හදිසි වර්ජනය හේතුවෙන් පාසල් දරුවන් ඇතුළු දුම්රිය මගීන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.

ඉන් අනතුරුව පස්වරුවේ දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී අදහස් දැක්වූ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ මේ සම්බන්ධයෙන් අද පස්වරුවේත් සාකච්ජාවක් පැවැත්වෙන බවයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top