දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් සිය වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ඊයේ (15) පස්වරුවේ ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සමඟ පැවති සාකච්ජාව සාධනීය ලෙස අවසන් වූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ ප්‍රකාශ කළා.
මේ අතර දුම්රිය සාමාන්‍යාධිකාරි දම්මික ජයසුන්දර කියා සිටියේ අද (16) දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බවයි.
උසස් වීම් සහ සේවා ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඊයේ මධ්‍යහ්න 12 සිට හදිසි වර්ජනයක් ආරම්භ කළ අතර, එය පැය හතරහමාරකට පසු පස්වරු 4.30 ට පමණ අවසන් කෙරුණා.
ඒ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ සාකච්ජාවක් පැවැත්වීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත්, මෙම හදිසි වර්ජනය හේතුවෙන් පාසල් දරුවන් ඇතුළු දුම්රිය මගීන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.
ඉන් අනතුරුව පස්වරුවේ දුම්රිය එන්ජින් රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ප්‍රවාහන ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී අදහස් දැක්වූ දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියේ මේ සම්බන්ධයෙන් අද පස්වරුවේත් සාකච්ජාවක් පැවැත්වෙන බවයි.