ප්‍රියන්තගේ මාසික වැටුප සෑම මසකම 5 වනදා ලබාදීමට සමාගම එකඟ වෙයි
Thursday, 16 December 2021 - 8:46 | Views - 532
පාකිස්ථානයේ සියල්කොට් නගරයේදී පසුගිය තුන්වනදා අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික නිෂ්පාදන ඉංජිනේරුවරයෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩනගේ මාසික වැටුප සෑම මසකම 5 වනදා වන විට ගිණුම්ගත කිරීමට අදාළ සමාග එකඟ වී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද විදේශ කටයුතු අමාත්‍යංශයේ ද ප්‍රියන්ත කුමාරගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරමින්.

ප්‍රියන්ත කුමාරගේ දේහය මෙරටට ගෙන ඒම සහ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් සිදු කෙරුණු වියදම් රජයේ අරමුදල්වලින් පියවීමට රජය තීරණය කර තිබුණා.

කෙසේවෙතත් ඒ සඳහා වන සියලු වියදම් අදාළ සමාගම් විසින් දැරීම සහ ඒ වෙනුවෙන් බිල්පත් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එම මුදල තක්සේරු කර විදේශ කටයුතු අමාත්‍යංශය මගින් ප්‍රියන්ත කුමාරගේ බිරිඳ සහ දරුවන් වෙත ලබාදීමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කළා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top