ගෑස් සමාගම කඩිනමින් පිහිටුවන්න - වෘත්තීය සමිති ඉල්ලයි
Thursday, 16 December 2021 - 8:18 | Views - 13,443
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කෙරෙන නව ගෑස් සමාගම කඩිනමින් පිහිටුවිය යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ප්රකාශ කළා.
ඔහු කියා සිටියේ වර්තමානයේ හටගෙන ඇති ගෑස් අර්බුදයන්ට ඒ තුළින් විසඳුමක් ලැබෙනු ඇති බවයි.
මේ අතර, ලිට්රෝ සමාගම විසින් ගෙන්වූ දැනට උස්වැටකෙයියාව මුහුදු තීරයේ නැංගුරම්ලා ඇති අනෙක් නෞකාවේ ද අඩංගු ගෑස් සංයුතියේ ගැටලුකාරි තත්ත්වයක් මතුව ඇති බව ඊයේ (15) වාර්තා වුණා.
මීට පෙර නිසි ප්රමිතියෙන් තොර ගෑස් රැගෙන ආ සමාගමෙන්ම මෙම නෞකාවේ අඩංගු ගෑස් ලබාගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ වනවිට එම නෞකාවේ ගෑස් සාම්පල ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරීක්ෂණාගාරය වෙත යොමුකර තිබෙනවා.
Share This Article