ආසියාවේ රැජිණට, චීනය සහ ඇමෙරිකාව අතර තරගයක්
Thursday, 16 December 2021 - 7:44 | Views - 627
ආසියාවේ රැජින හෙවත් ක්වීන් ඔෆ් ඒෂියා නමින් හදුන්වන ලොව විශාලතම ස්වභාවික කොරොන්ඩම් බ්ලූ සෆායාර් මැණික ලබා ගැනීම සම්බන්ධයෙන් චීනය සහ ඇමෙරිකාව අතර ද්වන්ද්ව සටනක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා.

එම මැණික ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් වෙත ඉදිරිපත් කිරීමටයි මේ වනවිට සැලසුම් කර ඇත්තේ.

මැණික ලබා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද ලංසු ඉදිරිපත්ව ඇති අතර, ආසියානු රටක් වන චීනය, ආසියාවේ රැජිණ ලෙස නම් කර ඇති මෙම මැණික ආසියාවටම ලබා ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඇමෙරිකාව ද මෙම මැණික ලබා ගැනීම සඳහා ඉහළ ලංසුවක් ඉදිරිපත් කරමින් සිටින බවටයි ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ගවලින් අනාවරණ වුණේ.

එය වොෂින්ටන් නුවර පිහිටි ලොව ප්‍රමුඛ පෙලේ කෞතුකාගාරයක තැන්පත් කිරීමට ඔවුන් අදහස් කරනවා.

ක්වීන් ඔෆ් ඒෂියා නමින් හඳුන්වන මෙම මැණික රත්නපුර - බලංගොඩ ප්‍රදේශයේ පතලකින් මීට මාස 06කට පෙර හමු වී ඇති අතර, ජෙමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවඩ් ලිමිටඩ් ආයතනයට මෙහි හිමිකාරීත්වය පවතිනවා.

කොරොන්ඩම් සෆායාර් පවුලට අයත් මෙම මැණික කිලෝ 310 ක බරකින් යුක්තයි. එහි කැරට් ප්‍රමාණය ආසන්න වශයෙන් පහලොස් ලක්ෂ පනස් දහසකට ආසන්න බවයි මැණිකේ හිමිකාර ආයතනයේ අධ්‍යක්ෂක චමිල සුරංග සඳහන් කළේ. 
 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top