තැපැල් සේවක වර්ජනයෙන් ජනතාව අපහසුතාවට (Video)
Tuesday, 14 December 2021 - 13:50 | Views - 519
දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් එහි සේවාවන් ලබාගැනීම සඳහා පැමිණ සිටින ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
උසස්වීම්, බදවා ගැනීම් කඩිනම් කිරීම ඇතුළු ඉල්ලීම් 24ක් මුල්කර ගනිමින් ඔවුන් මෙලෙස සංකේත වැඩ වර්ජනය නිරත වන්නේ ඊයේ (13) පස්වරු 4 සිටයි.
මේ හේතුවෙන්, තැපැල් කාර්යාලවල සේවා කටයුතු අඩාල වී ඇති අතර, එහි සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව පත්වූයේ දැඩි අපහසුතාවයකටයි.
මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, කාර්යාල තුල සිය වර්ජන ක්‍රියාමාර්ගය සාර්ථකව ක්‍රියාත්මක වන බවයි, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ.
මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති කිහිපයක් ද අද ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.
අනතුරුව ඔවුන් විරෝධතා ව්‍යාපාරයක ද නිරත වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Share This Article